තවත්
    මුල් පිටුවදේශීය පුවත්හෙක්ටයාර ලක්ෂ 11 ක වගාවකට කාබනික පොහොර ආනය නයට කැබිනට් අනුමැතිය

    හෙක්ටයාර ලක්ෂ 11 ක වගාවකට කාබනික පොහොර ආනය නයට කැබිනට් අනුමැතිය

    ඉදිරි මහ කන්නයේ (2021/22) වී වගාව සදහා හෙක්ටයාර පන්ලක්ෂයකටත් අනෙකුත් බෝග වගාවට හෙක්ටයාර හය ලක්ෂයකටත් අවශ්‍ය කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ අවශ්‍යතාවන් පොහොර සමාගම් මගින් ආනයනය කර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීනට බෙදා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    මේ වන විට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍රලාභී දේශීය කාබනික පොහොර නිෂ්පාදකයින් 27 දෙනෙක් සිටිති. ඒ අයගෙන් 10 දෙනෙකුගේ නිෂ්පාදන ධාරිතාව සැලකිල්ලට ගැනීමේදී 2021 /2022 මහා කන්නය සදහා හෙක්ටයාර 224,000 කට අවශ්‍ය කාබනික පොහොර දේශීයව සපයා ගැනීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හදුනා ගෙන ඇත.

    එසේම තවත් හෙක්ටයාර් 100,000 ක් සදහා අවශ්‍ය කාබනික පොහොර ගොවීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් අනතුරුව නිෂ්පාදනය කිරීමට හැකියාවක් ඇතැයිද කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි.

    ඒ අනුව ආනයනය කිරීමට තීරණය වී ඇත්තේ හෙක්ටයාර 500,000 කට දේශීයව සපයා ගැනීමට නොහැකි ව ඇති කාබනික පොහොර ප්‍රමාණයක් පමණි.

    වී වගාව හැරුණු කොට අනෙකුත් බෝග හෙක්ටයාර 600,000 ය පමණ අවශ්‍ය කාබනික පොහොර එම බෝග බලට අදාල පර්යෝෂණ ආයතනවල නිර්දේශයන්ට අනුකූලව මෙරටට පොහොර ආනයනය කිරීම සදහා බලපත්‍ර හිමි සමාගම් මගින් ආනයනය කිරීම සදහා ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

    ආහාර නොවන විසිතුරු පැළෑටි හා කැපුම් මල් වගාවන් හා නිර්පාංශු වගාවන් සදහා හදුනාගත් විශේෂිත පොහොර එම බෝගයන්ට අදාළ පර්යේෂණ ආයතනයන්හී නිර්දේශ මත ආනයන බලපත්‍ර කුමවේදයකට ආනයනය කකර අදාල ගොවීන්ට බෙදා දීමටද කැබිනට් අනනුමැතිය ඊයේ ලැබී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img