Home උණුසුම් පුවත් වර්ජන අස්සේ හෙට ඉස්කෝලේ ගැන පණිවුඩයක්

වර්ජන අස්සේ හෙට ඉස්කෝලේ ගැන පණිවුඩයක්

වර්ජන අස්සේ හෙට ඉස්කෝලේ ගැන පණිවුඩයක්

හෙට (ජුනි 27) දිවයින පුරා සියලුම පාසල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අද (26) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මේ බව දන්වා ඇත.

කෙසේ වෙතත්, ගුරු – විදුහල්පති වෘත්තීය සමිති හෙට දිනයේදීත් වැඩවර්ජන ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද පස්වරුවේ ප්‍රකාශ කළේය.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අද (26) ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විය.

ඒ සමගම වෘත්තීය සමිති සාමාජිකයින් අද කොළඹදී විරෝධතාවක් ආරම්භ කළ අතර එය කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ විය.

එම විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here