තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුපියල් 5000 දීමනාව ගෙවන්නේ මෙහෙමයි

    රුපියල් 5000 දීමනාව ගෙවන්නේ මෙහෙමයි

    අංජනා මල්ලවආරච්චි

    සංචරණය සීමා පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා රජය මගින් ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව කිරීම හෙට සිට ආරම්භ කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    සමෘද්ධිලාභීන්ට සහ රජයේ වෙනත් ආධාර දීමනා ලබන පවුල් සඳහා ප්‍රථමයෙන් මෙම රුපියල් පන්දහසේ දීමනාව ගෙවන බවද රාජ්‍ය ඇමැතිවරයා කීය .

    කිසියම් පවුලක් රජයේ ලබා දෙන දීමනාවක් ලබා ගන්නේ නම් එම දීමනාව රුපියල් 5000 දක්වා වැඩි වන සේ හිඟ මුදල පමණක් ගෙවන බවද ඔහු කීය.

    කිසියම් පවුලකට රුපියල් 3500 සමෘද්ධි දීමනාවක් පමණක් මසකට ලැබෙන්නේ නම් එම පවුලට හිමි වන්නේ 1500 ක දීමනාවක් පමණක් බව ද සමෘද්ධි දීමනාව 3500 සහ පසුව ලබා දෙන 1500 යන දීමනා දෙකම එකතු වූ විට රුපියල් 5000ක් එම පවුලට හිමි වන බව ද සේමසිංහ මහතා කීය.

    කොවිඩ් හේතුවෙන් ජීවනෝපාය අහිමි වන පවුල් සඳහා ලබාදෙන රුපියල් 5000 පන්දහසේ දීමනාව මෙවර ලබාදෙන්නේ සිව්වන වතාවට වන අතර ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 3000ක් බවද ඔහු පැවසීය.

    සුදුසුකම්ලාභී පවුලකට රුපියල් 5000 දීමනාව නොලැබෙන්නේ නම් ඒ පිළිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලය දුරකථන අංක 1965 ට පැමිණිලි කළ හැකි බව ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    තමුන්ට මෙම දීමනාව නොලැබුණු බව මුලින්ම ග්‍රාමීය කමිටුවට දැනුම් දිය හැකි බවද ඉන් ගැටළුව නොවිසඳෙන්නේ නම් අගමැති කාර්යාලයට දැනුම් දිය හැකි බව ද සේමසිංහ මහතා කීය.

    අග්‍රාමාත්‍ය කාර්යාලය ට ලැබෙන පැමිණිලි ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img