Home උණුසුම් පුවත් “අපේ ජනපති අපේක්ෂකයා වෙන්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු පමණයි”

“අපේ ජනපති අපේක්ෂකයා වෙන්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු පමණයි”

“අපේ ජනපති අපේක්ෂකයා වෙන්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු පමණයි”

තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම් එසේ නම් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති ආරක්ෂා කල හැකි අයකු පමණක් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

තවද පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට පමණක් එන සහ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා දැන් වෙනම ගොස් සිටින අය සමග කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බවද නාමල් රාජපක්ෂ පැවසීය.

ජනාධිපතිවරයාගේ කදවුරේ සිටින කොටසක් පොහොට්ටුව සමග ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි බව පවසන බවත්, එසේනම් පොහොට්ටුව අතහැර එම කණ්ඩායමට යා හැකි බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here