Home උණුසුම් පුවත් හිටපු ඇමතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඇමතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඇමතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

හිටපු කැබිනට් අමාත්‍යවරයකු වන මිල්රෝයි එස්. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

සමාජවාදී එක්සත් පෙරමුණෙන් පළාත් සභා සාමාජිකයකු ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ ය.

1999 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු 2015 තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

අවසන් වරට ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි.

ඔහු එම කාලය තුළදී ඔහු ආණ්ඩුවේ අමාත්‍ය ධුර, පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර ඇතුළු තනතුරු ගණනාවක් හෙබවීය.

2014 වසරෙදී ඔහු සිය දේශපාලන ජීවිතයට 25 වසර සැපිරීය.

අභාවප්‍රාප්ත වනවිට 79 වැනි වියෙහි පසුවූ ඒ මහතාගේ දේහය වෙන්නප්පුව, අලුත් පාර ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු 2024 ජුනි මස 24 සදුදා දින ප.ව. 4.00 ට වෙන්නප්පුව රෝමානු කතෝලික සුසාන භුමියේදි සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here