fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මිහිදු මහ සෑය පිළිසකර කර සසුනට බාරදෙයි

    මිහිදු මහ සෑය පිළිසකර කර සසුනට බාරදෙයි

    අනුබුදු මිහිදු මහ රහතන්වහන්සේගේ ධාතුන් තැන්පත් කරන ලද මිහිදු මහ සෑය නැවත ඉදිකර මිහින්තලා නායක හිමිපානන්ට අද බාර දී තිබේ.

    සෑයේ ඉහල ධාතු ගර්භයේ සර්වඥ ධාතූන්වහන්සේලා තැන්පත් කිරීමද, බද ගර්බයේ රත්තරන් කිලෝ හතක් යොදා සාදන ලද කරඬු වහන්සේ තැන්පත් කිරීම ද අද පොසොන් පෝදින උදෑසන සිදුකෙරිණ.

    පෙර රජ දරුවන් විසින් ඉදිකර තිබූ මිහිදු මහ සෑය මුලුමනින්ම ගරාවැටී නටබුන්ව තිබූණි.

    මිහින්තලා රජමහා විහාරාධිපති අති පූජනීය ආචාර්ය වලහහැංගුනනැවේ ධම්මරතනාභිධාන නායක හිමිපානන්ගේ අනුශාසනා පරිදි මහමෙව්නා අසපු සංකීර්ණයේ සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද නායක ස්වාමීන්ද්‍රයානන් වහන්සේ විසින් රු. මිලියන 230 ක පමන මුදලක් වැය කොට මෙම සෑය නැවත ඉදිකරන ලදී.

    මෙම උත්සවය අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ භික්ෂූන්වහන්සේලා විසාල සංඛ්‍යාවකගේ සහ දසදහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.