සියලු බාර් සීල්

සියලු බාර් සීල්

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා පනවා ඇති සංචරණ නීති ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ සියළුම මත්පැන් අලෙවිසැල් වලට මුද්‍රා තැබීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඊට මුල්වී ඇත්තේ ඇතැම් සුරාසල් හිමියන් හෙරෙ රහසේ මත්පැන් අලෙවි කරන බවට දිගින් දිගටම ලැබී ඇති තොරතුරු බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

සංචරණ සීමා ලබන 07 වෙනිදා දක්වා මේ වන විට පනවා ඇති බැවින් එදින දක්වා දිවයිනේ සියළුම සුරාසැල් මුද්‍රා තැබෙනු ඇතැයි එම නිලධාරියා කීය.

දිවයින පුරා පිහිටි සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යාලවල සේවයේ නිරත නිලධාරීන් විසින් එම මුද්‍රා තැබීම් කරන බව එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here