Home උණුසුම් පුවත් මහරගම අපේක්ෂා රෝහලේ නව සිව්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරිම් පරීක්ෂාවට

මහරගම අපේක්ෂා රෝහලේ නව සිව්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරිම් පරීක්ෂාවට

මහරගම අපේක්ෂා රෝහලේ නව සිව්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරිම් පරීක්ෂාවට

රුහුණු මහා කතරගම දේවාලයේ මුල්‍ය අනුග්‍රහකත්වයෙන් හා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකරනු ලබන නව සිව්මහල් ළමා වාට්ටු සංකිර්ණයේ ඉදිකිරිමි කටයුතු පිළිබද නිරික්ෂණය කිරිම සදහා ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඊයේ (20 වන දින) නිරික්ෂණ චාරිකාවක නිරතවිය.

මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුල නේවාසිකව ප්‍රථීකාර ලබාගන්නා ළමුන් සදහා පවතින ඉඩ පහසුකම් අවමවිම හේතුවෙන් කුඩා දරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

එබැවින් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ අදහසකට අනුව මෙම නව සිවිමහල් ගොඩනැගිල්ල ඉදිකිරිමට කටයුතු සිදුකරනු ලැබු අතර ඒ සදහා 2023 සැප්තැමිබර් මස 21 වන දින මුල්ගල තැබිම සිදුකරන ලදි.

පළමුව ඉදිකිරිමට අදහස් කර තිබු තෙමහල් වාටිටු සංකිර්ණය ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ලැබිම හේතුවෙන් සිව්මහල් වාටිටු සංකිර්ණයක් ලෙස ඉදිකිරිමට කටයුතු සිදු කරනු ලබයි.

ගුවන් හමුදාව විසින් රෝගී දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් ළමා උද්‍යානයක් ඉදිකිරිම මෙන්ම කුඩා දරුවන් ප්‍රතිකාර ලබන වාටිටු සංකිර්ණය පිළිසකර කර අලූත්වැඩියා කිරිමද මේ වනවිට සිදුකරනු ලබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here