Home උණුසුම් පුවත් පොහොට්ටු ප්‍රා.සභා මන්ත්‍රීලා පිරිසක් සජබෙට

පොහොට්ටු ප්‍රා.සභා මන්ත්‍රීලා පිරිසක් සජබෙට

පොහොට්ටු ප්‍රා.සභා මන්ත්‍රීලා පිරිසක් සජබෙට

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම සහ ඇල්ල ප්‍රාදේශීය සභාවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා වූ නිමල් රංජිත් වීරසිංහ, සමන්ත කපිල රත්නායක, හේමාවතී කුමාරිහාමි සහ භාරත රණසිංහ යන මහත්ම මහත්මීන් ද ඒ අතර වේ.

ඇල්ල ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වූ පී. සුරේෂ් මෙන්ම ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආර්. ඩී. ගුණපාල හා මන්ත්‍රීවරුන් වන ඩී. එම්. කරුණාදාස මෙන් ම විශ්‍රාමික සාමාන්‍යාධිකාරවයකු වූ ඩී. අයි. රත්නපාල මහතා ද සමගි ජන බලවේගය හා එක්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here