IMF එක කියන කියන පදයට නටන රූකඩ රජයක් අපට අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ IMF සමඟ එකතු වී රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ආ යුතු වුවත් එම ගිවිසුම ජනතාවගේ පැත්තෙන් සාකච්ඡා විය යුතු බවත් ත් IMF එක පිට දා දේපල බද්දක් ගැසීම අසාධාරණ බවත් ය.
නිවැරදිව බදු පරිපාලනය සිදු කිරීම, බදු දැලට හසු නොවී සිටින කණ්ඩායම් එයට ඇතුළත් කර ගැනීම, ඩිජිටල්කරණය කිරීම් වැනි දේවල් සිදු නොකර රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට රජය විවිධ බදු ගසමින් සිටින බවත් විපක්ෂ නායකවරයා චෝදනා කර සිටී.
මේ රටේ ධනවතුන්, ධන කුවේරයන්, ගජමිතුරුන්ට බිලියන 800කට ආසන්න ණය කපා හැර ඇති බවද විපක්ෂනායකවරයා කීය.
ඒ ලැයිස්තුව රහස්‍ය දේවල් කියා එළි නොදක්වනවා වුවත් පරාටේ නීතිය ගැසට් කර සාමාන්‍ය ජනතාවගේ දේපල වෙන්දේසි කරන බවත් හෙතෙම චෝදනා කරයි.
ණය නොගෙවපු ධන කුවේරයන්ගෙන් රටට හිමිවිය යුතු මුදල් එකතු කරනවා මිස දේපල බදු ගැසීම අසාධරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.