2024 පාසල් රග්බි ලීගය වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ 1 වන XV රග්බි කණ්ඩායමේ නිල ජර්සිය සඳහා ODEL PLC අනුග්‍රාහකත්වය සපයා තිබේ. 2024 ජුනි මස 15 වන දින රාජගිරිය ආනන්ද විද්‍යාලීය රග්බි පිටියේ පැවති නිල ජර්සි එළිදැක්වීමේදී මෙම අනුග්‍රාහකත්වය නිල වශයෙන් ඉදිරිපත් කරන ලදී.
ආනන්ද විද්‍යාලය සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය තාරුණ්‍යයේ දක්ෂතාවන් පෝෂණය කිරීමට, විශිෂ්ටත්වය ඔප්නැංවීමට සහ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන් තෝරාගත් ක්‍රීඩාවෙන් බැබළීමට අවස්ථා නිර්මාණය කිරීම සඳහා ODEL හි දිගුකාලීන කැපවීම පිළිබඳ මනා සාක්ෂියකි.
ODEL PLC හි කොට්ඨාශ වෙළඳභාණ්ඩ කළමනාකරු ජූඩ් පෙරේරා මහතා විසින් ජර්සි ප්‍රදානෝත්සවයේ දී ආනන්ද විද්‍යාලයේ විදුහල්පති D.M.L.P දිසානායක මහතා වෙත නව නිල ජර්සිය ප්‍රදානය කරන ලදී.
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ODEL PLC, දිවයිනේ විවිධ ක්‍රීඩා වැඩසටහන් සඳහා සහය දක්වමින් රට තුළ තරුණ දක්ෂතා පෝෂණය කිරීමේ දීර්ඝ ඉතිහාසයක් ඇති සමූහයක හවුල්කාරිත්වය දරයි.
තරුණ කුසලතා වර්ධනය කරමින් ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් එළිදැක්විය හැකි වේදිකාවක් නිර්මාණය කිරීම උදෙසා මෙම සමාගම ක්‍රියාකාරීව කටයුතු කරනු ලබයි.

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති අශෝක් පතිරගේ මහතා එහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය. “2024 පාසල් රග්බි ලීග් තරඟාවලියට තරඟ කරන ආනන්ද විද්‍යාලයීය රග්බි කණ්ඩායමට මේ අයුරින් සහය දැක්වීමට ලැබිම අපට ගෞරවයක්. ODEL හි අපි ක්‍රීඩාව තුළින් තරුණයන් සවිබල ගැන්වීම කෙරෙහි විශ්වාසය තබන අතර, මෙම අනුග්‍රහය ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දියුණුව සඳහා අපගේ කැපවීම පිළිබඳ සාක්ෂියක්. පුද්ගල සංවර්ධනය සහ ප්‍රජා ගොඩනැගීම ක්‍රීඩාවට කොතරම් වැදගත් ද යන්න පිළිබඳ අපි වටහාගෙන සිටිනවා. ඒ අතරම, මෙම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට සහ තමන්ගේ ආශාවන් හඹායන්නට අන් අය පෙළඹවීමටත් උපකාර කිරීම අපේ අරමුණක්. ඒ වගේම මෙම ක්‍රීඩා ඉසව්වේ තරඟ කරන කණ්ඩායමට අපි සුබ පතනවා.”
මෙම අවස්ථාවේදී කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාද සිය කෘතඥතාව පළකරමින් මෙසේ පැවසීය. “ODEL ආයතනයේ ත්‍යාගශීලී අනුග්‍රාහකත්වය පිළිබඳ අපි එම ආයතනයට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මෙම සහයෝගය දැක්වීම, අපගේ කණ්ඩායමේ චිත්ත ධෛර්යය වැඩි දියුණු කරනවා පමණක් නෙවෙයි, පාසල් ක්‍රීඩා සඳහා සහාය වීමේදී ආයතනික හවුල්කාරිත්වයේ ඇති වැදගත්කම ද අවධාරණය කරනවා.”
ODEL ලාංඡනය සහිත නව ජර්සිය, කණ්ඩායම සඳහා නිල ඇඳුමකට වඩා වැඩි යමක් නියෝජනය කරයි. එනම්, එය ආනන්ද විද්‍යාලයේ එකමුතුකම, ශක්තිය සහ අභිමානය ද සංකේතවත් කරයි. ආනන්ද විද්‍යාලයීය රග්බි කණ්ඩායම තරඟකාරී සමයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර ලීගය තුළ සැලකිය යුතු බලපෑමක් කිරීමට සූදානමින් සිටී. ODEL හි මෙම සහයෝගීතාව පාසල් ක්‍රීඩා සඳහා දීප්තිමත් අනාගතයක් ගොඩනැගීමේ ඉදිරි පියවරකි.
Softlogic Holdings PLC යනු ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන අතර, සිල්ලර වෙළඳාම, සෞඛ්‍ය සේවා, ICT, මෝටර් රථ, විනෝදාත්මක සහ මූල්‍ය සේවා යනාදි ආර්ථික අංශවල ප්‍රමුඛ වෙළඳපල නායකත්වය දරන සමූහ ව්‍යාපාරයකි. . සුප්‍රකට ගෝලීය සන්නාම 100කට අධික සංඛ්‍යාවක් සඳහා බලයලත් බෙදාහරින්නෙකු ලෙස Softlogic සමූහ ව්‍යාපාරය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ ඩුබායි යන රටවල සිය ව්‍යාපාර මෙහෙයුම් සඳහා පුද්ගලයින් 11,000 ඉක්මවන ශ්‍රම බලකායක් සේවයේ යොදවා තිබේ.




