තවත්
    මුල් පිටුවspecialවසර 24කට පසු පුටින් උතුරු කොරියාවට

    වසර 24කට පසු පුටින් උතුරු කොරියාවට

    රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් වසර 24 පසුව පළමු වරට උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

    ඒ අනුව රුසියානු නායකයා සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර උතුරු කොරියානු අගනුවරදී සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත බවට වාර්තාවේ.

    මීට පෙර රුසියානු නායකයා සහ උතුරු කොරියානු නායකයා අවසන් වරට ඉකුත් සැප්තැම්බර් මාසයේදී රුසියාවේදී හමුවූ නමුත් 2000 වසරෙන් පසු පුටින් උතුරු කොරියාව වෙත පැමිණි පළමු අවස්ථාව මෙයයි.
    මෙම හමුවීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සිය දැඩි අවධානය යොමු කර ඇති බවටද සඳහන් කර ඇත.

    කෙසේ වෙතත් රුසියානු රජය විසින් මෙම සංචාරය “මිත්‍රශීලී රාජ්‍ය සංචාරයක්” ලෙස විස්තර කර ඇත. කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු ජනාධිපතිවරයා අතර ආරක්ෂක ගැටළු ඇතුළු හවුල් ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ පවතින බවට ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

    චීන ජනාධිපති ෂී ජින්පින් 2019 වසරේ උතුරු කොරියාවේ සිදු කළ රාජ්‍ය සංචාරයේදී නවාතැන් ගත් මාලිගාවේම රුසියානු ජනාධිපති හටද නවාතැන් පහසුකම් සැලසීමට සියලුම කටයුතු යොදා ඇති බවටද වාර්තාවේ.

    රුසියානු ජනාධිතිවරයාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් දැඩි ජාත්‍යන්තර අවධානයක් හිමිව ඇති අතර එය ගෝලීය දේශපාලන බලතුලනයට සහ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවතුන් දැඩි අවධානයක් යොමු වීමටද ඉඩ පවතී.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img