Home උණුසුම් පුවත් සොෆ්ට්ලොජික් ලයිෆ් විධායක අධ්‍යක්ෂක චූලා හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

සොෆ්ට්ලොජික් ලයිෆ් විධායක අධ්‍යක්ෂක චූලා හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

සොෆ්ට්ලොජික් ලයිෆ් විධායක අධ්‍යක්ෂක චූලා හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කළ, සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමේ විධායක අධ්‍යක්ෂක චූලා හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

වසර 36 ක් පුරා දිවෙන ඔහුගේ වෘත්තීයමය දිවියේ වසර 23 ක්ම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ යෙදී සිටිමින් මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට දැවැන්ත මෙහෙවරක් කළ අයෙකි.

චූලා හෙට්ටිආරච්චි මහතා කැළණිය විශ්ව විද්‍යාලයෙන් B.Com. සහ M.Com. උපාධි අවසන් කළේය.

ඉන්පසුව ශ‍්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයෙන් මූල්‍ය හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද හදාරා ඇත.

ඔහු Allied Dunbar UK, FALIA Japan, and OLIS Japan සමඟ මෙන්ම ජර්මනියේ ඉන්දියානු රක්ෂණ ආයතනය, පූනේ සහ මියුනික් රේ ආයතන සමඟ රක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ විදේශ පුහුණුව ලබාගෙන එම අත්දැකීම් මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතියට යොදාගත් අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here