Home උණුසුම් පුවත් ලයිටර් නිසා ගිනිපෙට්ටි ගිනිගොඩක

ලයිටර් නිසා ගිනිපෙට්ටි ගිනිගොඩක

ලයිටර් නිසා ගිනිපෙට්ටි ගිනිගොඩක

ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ නිරත කර්මාන්ත හිමිකරුවන් සහ සේවකයින් අද(13) මහනුවර නගරයේදී උද්ඝෝෂණයක නිතර වී තිබේ.

බදු නොගෙවමින් නීති විරෝධී ලෙස විදෙස් රටවලින් මෙරටට ගෙන්වන ප්ලාස්ටික් ලයිටර් වෙළෙඳපොළේ අඩුමිලට විකිණීම හේතුවෙන් පාරිභෝගික ජනතාව ගිනිපෙට්ටි මිලදීගැනීම අඩුකිරීම මත දේශීය ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තය කඩාවැටී එම කර්මාන්තයේ නියුතු 10,000 කගේ පමණ රැකියා අවිනිශ්චිත හා අවදානම් තත්ත්වයට පත්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති.

මෙම විරෝධතාකරුවන් මහනුවර ජෝර්ජ්.ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිටට රැස්වී උද්ඝෝෂණයේ නිරත වීමෙන් පසු දළදා වීදිය, ඩි.එස් සේනානායක වීදිය හා රජ වීදිය ඔස්සේ පාගමනින් ආණ්ඩුකාර කාර්යාලය වෙත ගමන් කර ඇත.

පසුව ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්ත ආයතන හිමිකරුවන් සහ නිලධාරින් කිහිප දෙනෙකුට ආණ්ඩුකාරවරයා හමුවීම සඳහා අවස්ථාව ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

තම කර්මාන්තවලට ඇතිවී තිබෙන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාට ලිපියක් බාර දෙමින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර දේශීය ගිනිපෙට්ටි කර්මාන්තය ආරක්ෂා කරදීමට කටයුතු සලසා දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටියේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා එම අවස්ථාවේ දුරකතනයෙන් කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සම්බන්ධ කර ගනිමින් ගැටලුව ඉදිරිපත් කිරීමේ අවස්ථාව නියෝජිත පිරිසට ලබා දී ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here