තවත්
    මුල් පිටුවspecialකුවේට් ගොඩනැගිල්ලේ ගින්නෙන් ඉන්දියානුවන් 40ක් මරුට

    කුවේට් ගොඩනැගිල්ලේ ගින්නෙන් ඉන්දියානුවන් 40ක් මරුට

    කුවේටයේ මන්ගාෆ් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් මියගිය 49 දෙනා අතර අවම වශයෙන් ඉන්දියානුවන් 40 දෙනෙකු සිටින බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි.

    කම්කරුවන් දුසිම් ගනනක් රැඳී සිටි ගොඩනැගිල්ලක බදාදා දිනයේදී මෙම ගින්න හටගෙන ඇති අතර බලධාරීන් සඳහන් කර සිටියේ මරණයට පත් පිරිසෙන් බහුතරයක් දෙනා දකුණු ඉන්දියාවේ කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් පැමිණි බවයි.

    මේ අතර අදාල ගින්නෙන් ඉන්දීය ජාතිකයන් 50ක් පමණ තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් අතර පිලිපීන සහ නේපාල කම්කරුවන් සිටින බවට කුවේට් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අදාල ගොඩනැගිල්ලේ පුද්ගලයින් 196 දෙනෙකු සිටි ඇති බවත් එහි සීමාව ඉක්මවා පුදගලයින් රැදි සිටි ඇති බවටද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

    මරණයට පත් බහුතරයක් දෙනා ගිනිගැනීමෙන් හටගත් දුම් ආග්‍රහනය වීමෙන් මරණයට පත්ව ඇති බවට කුවේට් බලධාරීන් සඳහන් කරයි.

    මේ අතර කුවේට් නියෝජ්‍ය අගමැති ෂෙයික් ෆහාඩ් යූසුෆ් අල්-සබා සඳහන් කර සිටියේ දේපල හිමියන්ගේ කෑදර බව හේතුවෙන් ගොඩනැගිලි ප්‍රමිතීන් උල්ලංඝනය කරමින් ඉදිරි කර තිබීම මෙම ඛේදවාචකයට හේතු වී ඇති බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කණ්ඩායම් සඳහන් කර සිටියේ කුවේට් හී සේවය කරනු ලබන බහුතරයක් දෙනාගේ ජීවන තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන්ම සිය කනස්සල්ල පළ කර තිබිණි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img