fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ආබාධිත ජනතාවගේ 'නිහඬ හඬ' ඩලස් හෙට ලොවටම හඬනඟයි

    ආබාධිත ජනතාවගේ ‘නිහඬ හඬ’ ඩලස් හෙට ලොවටම හඬනඟයි

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සඳහා වන රාජ්‍ය පාර්ශවකරුවන්ගේ සම්මේලනය (COSP17) අද ආරම්භ වී තිබේ.

    ඒ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ය.

    අද ආරම්භ වූයේ එම සම්මේලනයේ 17 වැනි සැසිවාරය වන අතර ඒ සඳහා, ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මෙරට නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටී.

    “වර්තමාන ජාත්‍යන්තර සංධිස්ථානයේ සහ අනාගතයේ සමුළුවට පෙරාතුව ආබාධිතභාවය ඇතුළත් කිරීම ගැන නැවත සිතා බැලීම” යන්න මෙවර එම සමුළුවේ තේමාවයි.

    ලොව පුරා රටවල් 184ක රාජ්‍ය නායකයන්, මහජන නියෝජිතයන් මෙන්ම තානාපතිවරුන්ගෙන් මෙම අවස්ථාවට සහභාගී වී සිටිති.

    මෙම සම්මේලනය ලබන 13 දක්වා නිව්යෝර්ක් හිදී පැවැත්වේ.

    හෙට දිනයේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුළුව ඇමතීමට නියමිතය.

    සමුළුව පිළිබඳ මන්ත්‍රීවරයා සිය සමාජ ජාල ගිණුමේ තබා තිබූ සටහන පහතින්.

    “අද, (ජූනි 11) ලෝක දින දර්ශනයට අපූරු දවසක් වුණා. ආබාධ සහිත ප්‍රජාව ගේ නියෝජිතයන් සහ ලොව පුරා රාජ්‍ය නායකයන්, මහජන නියෝජිතයන් මෙන්ම තානාපතිවරුන්ගෙන් එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් නුවර මූලස්ථානය පිරී ඉතිරී ගියේ ශීලාචාර ලෝකයක අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඉහළ නංවමින්.
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආබාධ සහිත සහෝදර ප්‍රජාව වෙනුවෙන්ම නිර්මාණය වූ සංසදයේ සභාපතිවරයා විදිහට මටත් මේ දිනය ඓතිහාසික සිහිවටනයක් වුණා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් මැතිතුමාගේ පරිණත සහ බහුශ්‍රැත නායකත්වය, ජාත්‍යන්තර ප්‍රජාව තුළ අපගේ හඬට ගෙන දුන්නේ විශාල වටිනාකමක් සහ ගෞරවයක්. නියෝජ්‍ය තානාපති සුගීශ්වර ගුණරත්න මහතා මුලසුන උසුලන සැසියකින් අද විශේෂ සාකච්ඡාව ආරම්භ වීම ශ්‍රී ලංකාවට තවත් අපූරු වටිනාකමක් එකතු කළා. එජා සංවිධානයේ සභාපති සහ නියෝජ්‍ය මහලේකම් අමීනා මොහමඩ් මහත්මිය ප්‍රමුඛ මහා මණ්ඩල නිලධාරීන් මෙන්ම ලොව පුරා රටවල් 184ක නියෝජිතයන් සමඟ තව දින දෙකක් මහා මණ්ඩලය තුළ ගත කරන කාලය, නිසැකවම මානව වංශ කතාවේ ශිෂ්ඨ සම්පන්න අනාගතයක් වෙනුවෙන් කරනු ලබන ස්වර්ණමය ආයෝජනයක් බව අවිවාදිත සත්‍යයක්.

    හෙට, (ජූනි 12) මට ජීවිතයේ විශේෂ දවසක්. ඒ, ශ්‍රී ලංකාවේ ආබාධ සහිත සහෝදර ජනතාව ගේ “නිහඬ හඬ” බිලියන අටක මානව වර්ගයා වෙත සන්නිවේදනය කිරීමේ වගකීම මා වෙත පැවරී ඇති නිසා.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.