fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPනිළියන් ගණිකාවන් කළ, සූර් වී ධනවතුන්ට සැපදුන් නිළිය අත්අඩංගුවට

    නිළියන් ගණිකාවන් කළ, සූර් වී ධනවතුන්ට සැපදුන් නිළිය අත්අඩංගුවට

    කාම චිත්‍රපට නිලියක් විසින් මෙහෙයවූ ගණිකා ජාවාරමක් ගැන තොරතුරු හෙළිකරගත් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය එම නිලිය සමඟ ගණිකා වෘත්තියේ නිරත වූ තරුණියන් තිදෙනෙක් අද අත්අඩංගුවට ගත්තේය.

    කාම රැල්ලේ චිත්‍රපට රැසක රඟපා ඇති එම නිලිය දැනට චිත්‍රපට හා ටෙලිනාට්‍යවල රගපාන නිලියන් ද ව්‍යාපාරිකයන්ට ගණිකාවන් ලෙස අලෙවිකරන බව විමර්ශනයේදී හෙළිවී තිබේ.

    ධනවතුන් සමග බීමත්ව සුර සැප ලබාදෙන සුරූපී ගණිකාවන් ජංගම කුලී රථ සේවාවන් ඔස්සේ තරු පන්ති හෝටල්වල, සමාජ ශාලා සහ සුපිරි නිවාස සංකීර්ණවල පැවැත්වෙන සාද සඳහා අසභ්‍ය චිත්‍රපට නිලියක් විසින් සපයන බවට වලාන මධ්‍යම දූශණ මර්ධන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව යුක්තිය මෙහෙයුමට සමගාමීව ප්‍ර.පො.ප. මහේන්ද්‍ර ඇතුලු විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සිදුකල වැටලීමකදී මෙම නිලිය ඇතුලු ගණිකාවන් හතරදෙනෙකු මොරගහහේන කෝරලයිම දෙමටහැත්ත ප්‍රෙද්ශයේදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරගහහේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කරන ලදි.

    මෙම තොරතුර සම්බන්දව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ සමන්තිලක වැලිවිට මහතාගේ සැලසුමකට අනුව මධ්‍යම දූශණ මර්ධන ප්‍රහාරක බලකායේ පො.සැ.428 ජයලාල් උපාය දූතයෙකු ලෙස යොදවා උපායශීලීව අදාළ නිලිය ඇතුලු කණ්ඩායම මොරගහහේන කෝරලයිම දෙමටහැත්ත ප්‍රදේශයේදී ප්‍ර.පො.ප. මහේන්ද්‍ර පෙරේරා ඇතුලු කණ්ඩායම ගේ අත්අඩංගුවට පත් කිරීම සඳහා සූක්‍ෂමව ක්‍රියා කිරීම තුල ඇය විසින් කාලයක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය ජංගම ගණිකා ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීමට හැකි විය.

    තිරගතවූ කාමරැල්ලේ චිත්‍රපට විශාල සංඛ්‍යාවක සහ රූපවාහිනි නාලිකාවල විකාශනය වූ ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායකත්වය ලබාදුන් මෙම නිලිය විසින් සිය වට්ස්ඇප් යෙදුම හරහා ව්‍යාපාරික ලෝකයේ ධනවතුන්ගේ මනදොල පිනවීම සඳහා ජනප්‍රිය නිලියන් සහ සුරූපී කාන්තාවන් රු. 30000/- සිට ඉහල විවිධ මිලගණන් පැවැත්වෙන සාද සඳහා ගණිකා වෘත්තියේ යෙදවීමට කටයුතු කර ඇත.

    අත්අඩංගුවට ගන්නා ලද සුරූපිනියන් වයස අවු 25 ත් 45 ත් අතර වයස් ගනන්වල පසුවන ගම්පහ, අම්පාර, බොරලැස්ගමුව, මාතර, බියගම යන ප්‍රදේශවල පදිංචිකාරියන් ය.

    මෙම අත්අඩංගුවට ගත් කාන්තාවන් සුපිරි තරු පන්ති සාදවලදී ව්‍යාපාරිකයන් සමග විදේශීය මත්පැන් පානය කරමින් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මෙම ව්‍යාපාරිකයන්ගේ මනදොල සපුරාලීමට කටයුතු කිරීම තුල ව්‍යාපාරිකයන් අතර මෙම කාන්තාව ප්‍රසිද්ධියක් ලබාගෙන ඇත.

    ඒ හේතුවෙන් මෙම නිලිය විසින් මෙරට සිනමා ලොව සිටින ප්‍රසිද්ධ නිලියන්ව සම්බන්ධීකරණය කර ඉහල මිල ගණන්වලට ධනවතුන් සඳහා විකුණා තරුපන්ති හෝටල්වලට යොමුකර ඇත.

    මෙම වැටලීම වලාන මධ්‍යම දූශණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිට මහතාගේ නියෝග හා උපදෙස් අනුව ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ ප්‍ර.පො.ප. මහේන්ද්‍ර පෙරේරා . උ.පො.ප. සඳරුවන්, පො.සැ.428 ජයලාල්, පො.කො 84889 උදයකුමාර, පො.කො. 39850 අශාන් , පො.කො. 91287 සංජීව, පො.කො. 94009 සින්ත, පො.කො.102080 දේශාන්, පො.කො 104644 තිලකරත්න, කා.පො.කො. 12617 ශාලිකා, කා.පො.කො. 13022 මෙලනි, කා.පො.කො 13103 සමිතා, පො.කො.රි. 16226 උදාර, පො.කො.රි. 80501 තිසර යන නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.