fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්19 පහළ එංගලන්ත සංචාරයේ නායකත්වය දිනුර කළුපහනට

    19 පහළ එංගලන්ත සංචාරයේ නායකත්වය දිනුර කළුපහනට

    19 පහළ එංගලන්ත සංචාරය සඳහා දිනුර කළුපහනගේ නායකත්වයෙන් යුතු 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (11) නිවේදනය කරන ලදි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ එම නිවේදනයට අනුව මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුවන් කල්පගේ මහතා කටයුතු කරන අතර පිතිකරණ හා වේග පන්දු පුහුණුකරු වශයෙන් ධම්මික සුදර්ශන සහ ඔමේෂ් විජේසිරිවර්ධන මහත්වරු කටයුතු කරති.

    එංගලන්ත සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා 19 පහළ සංචිතය මෙසේය.

    දිනුර කළුපහන ( නායක – මහින්ද විද්‍යාලය ගාල්ල), පුලිදු පෙරේරා (ධර්මරාජ විද්‍යාලය මහනුවර), හිරාන් ජයසුන්දර (ශාන්ත ජෝශප් විද්‍යාලය කොළඹ), දිනුර අබේවික්‍රමසිංහ (ශාන්ත සර්වේසස් විද්‍යාලය මාතර), මහිත් පෙරේරා (ශාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස),ගයන වීරසිංහ (මලියදේව විද්‍යාලය කුරුණෑගල),සහරුජාන් ශම්මුගනාදන් (ශාන්ත බෙනඩික් විද්‍යාලය කොළඹ),සදෙව් සමරසිංහ (නාලන්දා විද්‍යාලය කොළඹ),තිසර ඒකනායක (ශාන්ත අන්තෝනි විද්‍යාලය කටුගස්තොට),යූරි කොත්තිගොඩ (රිච්මන්ඩ් විද්‍යාලය ගාල්ල),මනුජ චතුක (ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලය මොරටුව), විහස් තෙවුමික (තර්ස්ටන් විද්‍යාලය කොළඹ),ෂෙශාන් මාරසිංහ (ධර්මරාජ විද්‍යාලය මහනුවර),දුමිදු සෙව්මින (ලුම්බිණි විද්‍යාලය කොළඹ),ප්‍රවීන් මනීෂ (ලුම්බිණි විද්‍යාලය කොළඹ), නාදන් කල්දේරා (ශාන්ත තෝමස් විද්‍යාලය), හිවින් කෙනුල (සිරි කුරුස විද්‍යාලය කළුතර), ගීතික ද සිල්වා ( ශාන්ත ආනා විද්‍යාලය කුරුණෑගල)

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.