fbpx
තවත්
    මුල් පිටුවspecialYoutube ප්‍රෑන්ක් තරුවක් පාර්ලිමේන්තුවට

    Youtube ප්‍රෑන්ක් තරුවක් පාර්ලිමේන්තුවට

    සයිප්‍රස් රාජ්‍යයේ ජනප්‍රිය යූටියුබ් තරුවක් පසුගියදා පැවති මැතිවරණයෙන් යුරෝපා පාර්ලිමේන්තුවට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්ව තිබේ.

    පසුගිය කාලය පුරා සයිප්‍රසය තුල දැඩි ලෙස ප්‍රසිද්ධියට පත් ෆිඩාස් පනායිටෝ මීට පෙර ඔහුව “වෘත්තීය වැරදි සාදන්නෙකු” ලෙසට හඳුන්වා දී අතර ඔහු විසින් විවිධ ආකාරයේ විඩීයෝ නිර්මාණය කරමින් සිය යූ ටියුබ් නාලිකාව වෙත යොමුකර තිබේ.

    එහිදී ඊලෝන් මස්ක් ඇතුළු ලොව ප්‍රකට පුද්ගලයින් සිය දෙනෙකු වැළඳ ගැනීමට උත්සහ කිරීම මෙන්ම සතියක කාලයක් මිනී පෙට්ටියක ගත කිරීමද ඇතුළත් වේ.

    තවමත් 24 හැවිරිදි වියේ පසුවන ඔහුගේ යූටියුබ් චැනලය මේවන විට මිලියන 2.6 කට වඩා වැඩි පිරිසක් සබස්ක්‍රයිබ්
    කර ඇති අතර මින් පෙර දේශපාලන අත්දැකීම් නොමැති වුවද 19.4% ක ඡන්ද ප්‍රතිශයකත් ලබා ගනිමින් තුන්වන විශාලතම ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ඔහු සමත්ව තිබේ.

    “සිදුවූ දෙය කම්පනයක් වාගේම ආශ්චර්යයකි,” පනායිටෝ පවසා ඇති අතර එරට ප්‍රධාන පෙලේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ දේශපාලන පක්ෂ නවීකරණය විය යුතු බවත් පක්ෂ ජනතාමට ඇහුම්කම් දීම වැඩි කළයුතු බවට මෙමගින් අනතුරු ඇඟවීමක් කර ඇති බවයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.