තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අපි 13 ක්‍රියාත්මක කරනවා"

    “අපි 13 ක්‍රියාත්මක කරනවා”

    උත්තරීතර නීති පොතේ ඇති 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවට රටේ පළාත් 9 ජනතාවට පොරොන්දු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    විවිධ නායකයන් විවිධ වේලාවල විවිධ බොරු කියමින් සිටියත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවට සමගි ජන බලවේගය සෑම අවස්ථාවකම පවසා ඇති බවත් ජාත්‍යන්තර කම්කරු දිනයේදී පවා එම ප්‍රතිඥාව ලබා දුන් බවත් හෙතෙම අවධාරණය කර සිටී.

    ඒ තුළින් උතුරේ ජනතාවගේ දේශපාලන, ආගමික, සමාජීය, සංස්කෘතික අයිතිය ලබා දෙන බවත් හෙතෙම එහිදී කීය.

    රටේ මූලික අයිතිය කියන්නේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් වුවත් සමගි ජන බලවේග රජයක් තුළ එය පුළුල් කරනා බවත් ඒ සඳහා ආර්ථික, සමාජීය, ආගමික, සෞඛය, අධ්‍යාපන අයිතිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද(ජුනි 9) කිළිනොච්චිය භාරතී විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 225 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img