Home උණුසුම් පුවත් කළු -ගිං ගංගාවල ගංවතුර තවදුරටත් ඉහළට

කළු -ගිං ගංගාවල ගංවතුර තවදුරටත් ඉහළට

කළු -ගිං ගංගාවල ගංවතුර තවදුරටත් ඉහළට

නිල්වලා ගගේ ගල් බැම්ම මතින් ජලය පිටාර දැමීම හේතුවෙන් තවත් ගම්මාන රැසකට ගංවතුර පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සූගීෂ්වර මහතා පැවසුවේ, තිහගොඩ, මාතර සහ මාලිම්බඩ ගම්මාන රැසකට අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි.

මේ අතර අත්තනගලු ඔය, ගිං, කැලණි සහ කළු ගංගා තවදුරටත් අවදානම් තත්ත්වයේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. පී. සී. සූගීෂ්වර මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර අද දහවල් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව කළු ගගේ පුටුපාවුල සහ ගිංගගේ බද්දේගම ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගගේ ඇල්ලගාව සහ නිල්වලා ගගේ ගලගහගොඩ ආශ්‍රිතව මතුවූ ගංවතුර බැසයමින් තිබෙන බව එහි දැක්වේ.

ප්‍රධාන ජලාශ ආශ්‍රිතව ගංවතුර තත්ත්වය පිළිබඳ අද දහවල් නිකුත් කරන ලද නවතම වාර්තාව පහතින්.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Water_level__Rainfall_2024__1717485526.pdf” title=”Water_level_&_Rainfall_2024__1717485526″]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here