fbpx
තවත්
    මුල් පිටුවspecialරුසියාව තුළට පහරදෙන්න ඇමරිකාවෙන් යුක්‍රේනයට අවසර

    රුසියාව තුළට පහරදෙන්න ඇමරිකාවෙන් යුක්‍රේනයට අවසර

    රුසියාව සහ බටහිර ලෝකය අතර තත්ත්ව තවත් උණුසුම් කරමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබා දුන් අවි භාවිතා කරමින් යුක්‍රේනය හමුදාවන් රුසියානු දේශසීමාව තුල පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.
    මෙලෙස රුසියාව තුල පිහිටි ඉලකක් වෙත ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබාදුන් අවි භාවිතා කරමින් රුසියානු දේශසීමාව ඇතුලත පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් අවසර ලබාදී තිබේ.
    මාධ්‍ය අමතමින් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇනතනී බ්ලින්කන් සඳහන් කර සිටියේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබාදුන් අවි භාවිතා කරමින් රුසියානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට එක්සත් ජනපදය අවසර ලබාදුන් බවට නිල වශයෙන් ප්‍රකාශ කළේය.
    එක්සත් ජනපදය විසින් මෙලෙස යුක්‍රේනය හට රුසියානු දේශ සීමාව තුල පිහිට ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට අවසර ලබාදී ඇත්තේ යුක්‍රේනයේ කාකිව් වෙත රුසියානු හමුදාවන් දැඩි ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟයි. මෙම ප්‍රහාර හේතුනේ යුක්‍රේනයට දැඩි හානියක් සිදුව ඇති අතර විශාල දේපල හානියක්ද සිදුව තිබිණි.
    කෙසේවෙතත් රුසියානු දේශසීමාව තුලට ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකා එක්සත් ජනපදය අවසර දීම මගින් බයිඩන් පාලනය විසින් මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති වෙනස් කිරීමක් පෙන්නුම් කරයි. මීට පෙර එක්සත් ජනපදය විසින් ලබාදුන් අවි භාවිතා කරමින් රුසියානු දේශසීමාවන් තුල පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමනේ වැලකෙන ලෙසට යුක්‍රේනයට උපදෙස් දී තිබිණි.
    මෙම ප්‍රතිපත්තිමය වෙනස් වීම රුසියා යුක්‍රේන යුද්ධයේ නව මානයකට ගෙනයන අතරම එමගින් ගෝලීය භූ දේශපාලනයේ දැඩි වෙනස්කමක් ද ඇති කිරීමට හේතු වීඹට ඉඩ පවතී.
    ඒ අනුව මාධ්‍ය අමතමින් එක්සත ජනපද රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, යුක්‍රේන රජය විසින් දිගින් දිගටම ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබාදුන් අවි භාවිතා කරමින් හදුනාගත් රුසියානු දේශසීමාවන් තුල පිහිටි ඉලක්ක වෙත පහරදීමට අවසර ලබාදෙන ලෙසට ඉදිරිපත් කළ ඉල්ලීම් සලකා බැලීම සිදුකළ බවයි. ඒ අනුව මෙම ඉල්ලීම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වෙත ඉදිරිපත් කළ බවත් ඒ අනුව තත්ත්වය සලකා බලමින් මෙතෙක් අනුගමනය කළ පිළිවෙත් වෙනස් කළබවද හෙතෙම සඳහන් කරනු ලැබීය.
    මේ අතර පවතින තත්ත්වය උඝ්‍ර කරමින් ජර්මනියද තමන් ලබාදුන අවි භාවිතා කරමින් රුසියානු දේශසීමාව තුල පිහිටි ඉලක්ක වෙතට ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනය හට අවසර ලබාදී ඇත. මේ සම්බන්ධයෙන් ජර්මනිය රජයේ ප්‍රකාශක නිලවශයෙන් තහවුරු කර ඇති බවට බටහිර මාධ්‍ය වාර්තා කර තිබිණි.
    ජර්මනියේ තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එරට රජයේ ප්‍රකාශක සඳහන් කර සිටියේ ජර්මනිය අනෙකුත් බටහිර රටවල් මෙන්ම යුක්‍රෙන්ය හට තමන්ට එල්ලවන ප්‍රහාර වලින් ආරක්ෂාවීමට අයිතියක් ජාත්‍යන්තර නීතින්ට අනුව පවතින බවයි. මේ අතර ජර්මානු චාන්සලර් ඕලෆ් ස්කූල්ස් සඳහන් කර සිටයේ රුසියාව සහ නේටෝව අතර ගැටුමක් ඇතිවීම වැලැක්වීමද අතිශය වැදගත් වුවද යුක්‍රේනයට ආරක්ෂාවීමටත් තමන්ගේ නිදහස සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමටත් අයිතියක් ඇති බවත්ය.
    කෙසේවෙතත් එක්සත් ජනපදයේ සහ ජර්මනිය සිය ප්‍රතිපත්ති වෙනස් කිරීමත් සමඟ ගැටුම් තත්ත්වය උඝ්‍ර කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සහ නේටෝව පියවර ගනිමින් සිටින බවටද රුසියාව විසින් චෝදනා කර තිබේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.