Home උණුසුම් පුවත් ගොවීන්ට දෙන වගා සහනාධාරය බිලියන 7 පනී

ගොවීන්ට දෙන වගා සහනාධාරය බිලියන 7 පනී

ගොවීන්ට දෙන වගා සහනාධාරය බිලියන 7 පනී

මෙවර යල කන්නයේ (2024)වී වගා කටයුතු සඳහා වගා සහනාධාර වශයෙන් රුපියල් බිලියන 2.5ක මුදලක් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මේ වනවිට පියවර ගෙන ඇත.

ඒ අනුව ගොවීන් 213,771ක් සඳහා රුපියල් බිලියන 2.5කට අධික මුදලක් මේ වනවිට ගොවිගිණුම් ගත කර තිබේ. වගා සහනාධාර ලබා දී ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 167,362කි.

මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර් 450,000ක් පමණ වී වගා කෙරේ යැයි අපේක්ෂා කරන අතර සියලුම වගා කරන කුඹුරු සඳහා ලබා දෙන මුල්‍යමය සහනාධාරය රුපියල් බිලියන 7.5ක් පමණ වනු ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here