Home COVID සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ජුනි 8 සිට

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ජුනි 8 සිට

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ජුනි 8 සිට

සීනෝෆාම් හි පළමුු මාත්‍රාව ලබා ගත් සියලුදෙනාට සීනෝෆාම් හි දෙවන මාත්‍රාව එන්නත ජුනි 8 වනදා සිට ලබාදීම ආරම්භ කෙරේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ දෙවන මාත්‍රාව ලබාගන්නා පුද්ගලයන්ට පළමු මාත්‍රාව ගත් ස්ථානවලදීම ප්‍රකාශයට පත්කෙරෙන දිනයන්හිදී එන්නත ලබාගත හැකි බවයි.

2 වන මාත්‍රාව කලින් මාත්‍රාවට සමාන දිනකදී එම ස්ථානයේදීම ලබා ගත හැකිය.

ඊයේ පෙරවරු 10 වනවිට සයිනෝෆාම් එන්නත මෙරට 601508 දෙනකුට ලබාදී ඇත.

ඊයේ දිනය තුළ පමණක් යාපනයේ 50,000කට සයිනොෆාම් එන්නත ලබාදී තිබුණි.

ලාංකිකයන්ට ලබාදීමට පෙර මෙරට චීන ජාතිිකයයන් 2435 දෙනකුට මාත්‍රා දෙකම ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here