Home උණුසුම් පුවත් ඩෙංගු මාරයා සැරිසරන කලාප 71ක් රටපුරා

ඩෙංගු මාරයා සැරිසරන කලාප 71ක් රටපුරා

ඩෙංගු මාරයා සැරිසරන කලාප 71ක් රටපුරා

මෙරට තුළ ඩෙංගු අධි අවදානම් කලාප 71 ක් වාර්තාවී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යා හැකි බවයි.

ඒ හේතුවෙන් ලබන ජූනි පළමු වැනිදා දක්වා දිස්ත්‍රික්ක 15ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ඔහු පැවසුවේ ය.

මෙම සතිය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පසුගියදා උපදෙස් දුන්නේ ය.

රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ නව ගොඩනැගිලි ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානම අඩු කිරීම සඳහා කටයුතු කරන ලෙස ද බලධාරීන්ට ඔහු උපදෙස් දී තිබේ.

මෙම වැඩපිළිවෙළට අනුගත නොවන පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස සාගල රත්නායක මහතා උපදෙස් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here