Home උණුසුම් පුවත් ඇල්ල-වැල්ලවාය පාරේ අවදානම සොයන්න විශේෂ කණ්ඩායමක් යයි

ඇල්ල-වැල්ලවාය පාරේ අවදානම සොයන්න විශේෂ කණ්ඩායමක් යයි

ඇල්ල-වැල්ලවාය පාරේ අවදානම සොයන්න විශේෂ කණ්ඩායමක් යයි

පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ සක්‍රිය වූ ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ නායයෑම් සම්බන්ධයෙන් තවදුරටත් සොයාබැලීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ.

එම ප්‍රදේශය ස්ථාවර කිරීම සඳහා දීර්ඝ කාලීන සැලසුම් පිළිබඳව සොයාබලන බව එම සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය පවසයි.

කණ්ඩායම් දෙකක් එම කාර්යය සඳහා යොදවා ඇති අතර ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ගොඩබිම් ප්‍රදේශවලින් සිදුවිය හැකි හානි අවම කිරීමට යෝජිත පියවර ගන්නා බවත් එම සංවිධානය කියාසිටී.

දින කිහිපයක සිට පවතින අධික වැසි හේතුවෙන් මෙම මාර්ගයේ ස්ථාන කිහිපයක වරින් වර නායයාම් සිදුවීමෙන් විටින් විට මාර්ගය වසා දැමීමට සිදුවූ අතර එම අවදානම තවමත් පහව ගොස් නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here