Home උණුසුම් පුවත් ඇමති ආරක්ෂකයකු අත්අඩංගුවට

ඇමති ආරක්ෂකයකු අත්අඩංගුවට

ඇමති ආරක්ෂකයකු අත්අඩංගුවට

ඇමති ආරක්ෂක කොට්ඨාශයේ සේවයේ නිරත පොලිස් නිලධාරියකු මැල්සිරිපුර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් කොස්තාපල්වරයකු වන මෙම සැකකරු දිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධි ලෙස පෙරන ලද මත්පැන් ළඟ තබාගෙන සිටිමේ චෝදනාව මත ය.

එම ප්‍රදේශයේ පදිංචි මෙම කොස්තාපල්වරයා නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධි මත්පැන් ලීටරයක් සමගිනි.

මෙම නීතිවිරෝධි මත්පැන් ලීටරය ඔහු ළඟ තබාගෙන සිට ඇත්තේ ඔහුගේ භාවිතයට බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here