තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දවස් තුනට ලක්ෂ 3කට විදුලිය බිඳවැටිලා

    දවස් තුනට ලක්ෂ 3කට විදුලිය බිඳවැටිලා

    දිවයිනට බලපා ඇති අධික වැසි සහ තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින 3 තුළ පාරිභෝගිකයින් 300,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වීම් සිදුව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    විදුලිය බිඳවැටීමේ සිදුවීම් 36,900ක් ද ඒ අතර වාර්තා වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

    එම බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම සඳහා මේ වනවිට අතිරේක සේවා කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ඇති බව ඔහු කියයි.

    විදුලිය බිඳ වැටී ඇති ස්ථානයන්ට ඉදිරි පැය 24 තුළ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

    විදුලි විසන්ධි වීම් පිළිබඳ විදුලි පාරිභෝගිකයින්ට 1987 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලබාදී හෝ කෙටි පණිවිඩයක් යොමු කර දැනුවත් කළ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img