Home special ඉන්දියාව ගිනියම් වෙයි

ඉන්දියාව ගිනියම් වෙයි

0
ඉන්දියාව ගිනියම් වෙයි

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ඇතුළු උතුරු ඉන්දියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 පසුකරමින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ (19) දිනයේදී නව, දිල්ලි හි නජාෆ්ගාර් දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 47.8 ලෙස සටහන්ව ඇත.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ උණුසුම් කාලගුණය මෙම සතියේදීත් පවතිනු ඇති බවයි. මේ අතර මෙම වසරේදී වැඩි කාල සීමාවක් පුරා උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවද ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පවතින තත්ත්ව හමුවේ විශාල පිරිසක් දැඩි පීඩාවට පත්ව ඇති අතරම ඉන්දීය මැතිවරණයද පැවැත්වීම හේතුවෙන් තත්ත්වය උඝ්‍ර අතට පත්වීමට හැකියාවක් පවතින බවටද විශ්වාස කරයි.

ඉන්දියාවේ විශාල ජනතාවකට දැඩි උණුසුම් හා ශීත කාලගුණ තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට නොහැකි වන අතර වීදි වල ජීවත්වන මහලු ජනතාවට උණුසුම් කාලගුණ තත්ත්වය දැඩිලෙස අයහපත් ලෙස බලපෑමට ඉඩක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here