Home උණුසුම් පුවත් විශ්‍රාමික රණවිරුවන් රුසියා යවන ජාවාරමේ තවත් ඒජන්සිකරුවෙක් කොටුවෙයි

විශ්‍රාමික රණවිරුවන් රුසියා යවන ජාවාරමේ තවත් ඒජන්සිකරුවෙක් කොටුවෙයි

විශ්‍රාමික රණවිරුවන් රුසියා යවන ජාවාරමේ තවත් ඒජන්සිකරුවෙක් කොටුවෙයි

රුසියාවට කුළි හේවායන් ලෙස විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යාමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් කෙරන විමර්ශනවලට අදාලව තවත් සැකකරුවකු අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම,ජාවාරම් සහ සමුද්‍ර අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසිනි.

විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යන එම පුද්ගලයා වයස අවුරුදු 44ක් වන දෙහිවල පදිංචිකරුවෙකි.

විමර්ශනවලින් හෙළිවී ඇත්තේ මෙම වසර තුළ පමණක් මෙම පුද්ගලයා හරහා රුසියාවට 120 දෙනෙක් ගොස් ඇති බවය.

මෙම සැකකරු සිදුකර ඇත්තේ රුසියාවට යන කුළි හේවායින්ට රුසියානු වීසා ලබාගැනීමට මැදිහක්වීම පමණක් බව දැනට අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here