සංචරණ සිමා හේතුවෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන විහාරස්ථාන සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ වැඩ පිළිවෙලක් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව විහාරස්ථාන සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා අදාළ තොරතුරු ලබාදෙන ලෙස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දිවයිනේ සියලුම ප්‍රදේශිය ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත.
ඊට අමතරව විහාරස්ථානවලටද පහත දුරකතන අංකවලට ඇමතුම් දෙමින් දුෂ්කරතා සම්බන්ධයෙන් දැනුම් දෙමින් අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇතැයි බුද්ධ ශාසන , ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යාංශය දැනුම් දෙයි.
අමාත්‍යාංශ ලේකම් – 071 462 61 46
අතිරෝක ලේකම් (පාලන) – 071 810 87 18
අතිරේක ලේකම් (සංවර්ධන) – 071 853 66 99
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් – 071 489 17 81