ප්‍රවීන චිත්‍ර ශිල්පියෙකු, මූර්ති ශිල්පියෙකු, භූ දර්ශන නිර්මාණ ශිල්පියෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු, සංගීතඥයකු මෙන්ම උද්‍යාන අලංකරණ නිර්මාණ ශිල්පියෙකු ද වන ලකී සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
සිය නිවසේ දී අද (30) දහවල් ලකී සේනානායක මහතා ජීවිතක්ෂයට පත්වන විට 84 වැනි වියේ පසුවිය.
නිර්මාණාත්මක කලාවේ පුරෝගාමියෙකු ලෙසින් ද හැඳින්වීමට හැකි ඔහු මෙරට පැරණි මුදල් නෝට්ටු රැසකම සිත්තම් නිමැවූ සිත්තරා විය.
ඔහු ලෝක ප්‍රසිද්ධ කලාකරුවන් වූ ජෙෆ්රි බාවා, අල්රික් ප්රෙස්නර්, වැලන්ටයින් ගුණසේකර, බෙවිස් බාවා, ඇනා ද සිල්වා, බාර්බරා සන්සොනි, රෙජී සිරිවර්ධන, ආර්.නඩේසන් ආදීන් සමඟ එක්ව කටයුතු කළ පුදගලයෙකි. Laki’s Book of Owls කෘතිය ද මොහු විසින් රචිත කෘතියකි.
අපූර්වත්වයෙන් පිරි ඔහුගේ නිවහන ද කාගේත් කතාබහට ලක්වූ ස්ථානයකි.
දඹුල්ල-මහනුවර ප්‍රධාන මාර්ගයේ සිට කළුන්දෑව ග්‍රාමයේ දියබුබුල නම් ස්ථානය ගස් වැල් වලින් ගහණ වූත් සත්වයින්ගෙන් ගහන වූත් ස්වභාවික වනාන්තර පරිසරයක් ලෙසින් තරමක අදුරින් යුත් ඒ නිවහන පිහිටා ඇත්තේ බුබුලූ දමමින් ජලය උතුරන බැවින් මෙය දිය බුබුල ලෙස හඳුන්වන ජලාශයක් මත ය. ඉතාම කුඩා ආකාරයෙන් සකස් කරගෙන 1976 වසරේ පමණ සිට මෙම ස්ථානය ඔහුගේ වාසස්ථානය වූ අතර ඔහු නිර්මාණ බොහොමයක් කර ඇත්තේ මෙම අපූරු නිවහනේ දීය. ඔහුගේ නිර්මාණ මෙන්ම ඔහුගේ අපූරු කුඩා නිවහනත් කා අතරත් කතාබහට ලක්වූ ස්ථානයකි.
පහත දැක්වෙන්නේ ඔහු කළ නිර්මාණවලින් ඉතාම අල්පයක් පමණි.












