Home උණුසුම් පුවත් විශ්‍රාමික නි.පොලිස්පතිගේ ගෙදරට අයෙත් හොරු පැනලා

විශ්‍රාමික නි.පොලිස්පතිගේ ගෙදරට අයෙත් හොරු පැනලා

0
විශ්‍රාමික නි.පොලිස්පතිගේ ගෙදරට අයෙත් හොරු පැනලා

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා පදිංචි මිනුවන්ගොඩ පිහිටි නිවසට ඊයේ අලුයම හොරු පැන රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ හා මුදල් සොරාගෙන ගොස් ඇත.

මෙම සොරකම ඊයේ අලුයම් කාලයේදී සිදුව ඇති බව හෙක්ටර් ධර්මසිරි මහතා විසින් පොලීසියට පැමිණිලිකරමින් සඳහන්කර තිබේ.

පසුගිය වසරේ සැත්තැම්බර් 23 වෙනිදාද මෙම නිවසට හොරු පැන තිබුණි. අලුයම් කාලයේදී ජනේලයකින් හොරු ඇතුලුවී එවර සොරාගෙන ගොස් තිබුණේ ඔහුට අයත් මෝටර් රථයේ යතුරය. එම යතුරින් නිවස ඉදිරිපිට නතරකර තිබුණු මෝටර් රථයේ දොර විවෘතකර ඒ තුළ තිබුණු රුපියල් 15,000ක මුදලක් හා බැංකු කාඩ්පත සොරාගෙන ගොස් තිබේ. අනතුරුව එම බැංකු කාඩ්පතින් රුපියල් 255,120ක භාණ්ඩ මිලදී ගෙන තිබුණි.

ඊයේද නිවසට සොරා ඇතුළු වී ඇත්තේ පෙර පරිදිම ජනේලයෙනි. රුපියල් 5,000ක්, පවුම් 01ක් බර රන් පංචායුධ 04ක්, පෙන්ඩන් 02ක්, රන් කාසියක් රන් පෙන්ඩනයක්, කරාඹු ජෝඩු 04ක් හා මාත්තු රත්තරන් මාලයක් මෙසේ සොරාගෙන ගොස් තිබේ.

මෙම සොරකම් දෙකම පුද්ගලයකුගේ වැඩක් විය හැකි බවත් මෙම නිවසට නිතර යන එන අයෙක් විය හැකි බවත් පොලීසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here