Home උණුසුම් පුවත් කුස්සියේ සිටි කතට වෙඩි ප්‍රහාරයක්

කුස්සියේ සිටි කතට වෙඩි ප්‍රහාරයක්

0
කුස්සියේ සිටි කතට වෙඩි ප්‍රහාරයක්

මැදවච්චිය මහදිවුල්වැව ඇටවීරගොල්ලෑවේ නිවසක මුළුතැන්ගෙයි සිටි කතකට ඊයේ රාත්‍රී කාලයේදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහා දරා ඇත.

බෝර 12 වර්ගයේ ගිනි අවියකින් කළ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා එම කාන්තාව අනුරාධපුර රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබයි.

නිරෝමි පියසේන නැමැති 44 හැවිරිදි කාන්තාවක් මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව සිටින බව මැදවච්චිය පොලීසිය කියයි.

පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

වෙඩි තබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් උක්කුබංඩා නැමැති අය බවත් ඔහු 50 හැවිරිදි වියේ පසුවන්නෙක් බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here