Home උණුසුම් පුවත් අව්ව වෙලාවට මේවත් පාවිච්චි කරන්න..

අව්ව වෙලාවට මේවත් පාවිච්චි කරන්න..

අව්ව වෙලාවට මේවත් පාවිච්චි කරන්න..
Young woman with sunscreen and sunglasses outside on a beautiful summer day

මේ දිනවල පවතින අධික අව් රශ්මිය ඇස්වලට හානිකර බැවින් ගමනක් බිමනක් යනවිට කලු පැහැ අව් කණ්නාඩියක් පැළැඳ ගමන් කිරීම සුදුසු බව පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසයි.

එසේම පවතින අව් රශ්මිය ශරීරයට අහිතකර බැවින් අව් රශ්මිය සම තුලට ඒම වළක්වන ක්‍රීම් වර්ග ආලේපනය සුදුසු බවත් එය වෛද්‍යවරයෙකු උපදෙස් මත සිදු කරන ලෙසත් ඇය සඳහන් කර සිටී.

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ජලය ලීටර් 2 1/2ක් පානය කිරීම ඉතාම සුදුසු බවත් මීට අමතරව කොමඩු, තැඹිලි, පිපිඤ්ඤා, කැකිරි වැනි දේවල් වලින් බීම සාදා පානය කිරීම සුදුසු බව ඇය පවසයි.

මේ දිනවල පුද්ගලයන් සිහි නැතිව ඇඳ වැටෙන්නේ ජලය හරිහැටි පානය නොකිරීම නිසා බවත් එළියට යන විට ඇඟට හිරවෙන ඇඳුම් ඇදීමෙන් වලකින් ලෙසත් සැහැල්ලු ඇඳුම් අඳින ලෙසත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here