fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාවට එන්න හිතෙන අමෙරිකාවේ 'පාස්පෝට් DC' උළෙලට මහසෙනඟක්

    ලංකාවට එන්න හිතෙන අමෙරිකාවේ ‘පාස්පෝට් DC’ උළෙලට මහසෙනඟක්

    (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට..)

         ඇමෙරිකාවේ ස්ථාපිත විදෙස් තානාපති කාර්යාල රටේ සංස්කෘතිය හා ජීවන පසුබිම විදහාපාන "පාස්පෝට් DC 2024" සදහා මෙවර 5037 ක වාර්තාගත ජනතාවක් ආකර්ශනය කර ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්වූ බව "පාස්පෝට් DC වැඩසටහන" පවසයි.
    

    යුරෝපයේ නොවන රටවල උළෙල 04 දා පැවැති අතර එම රටවල් 55ක තානාපති කාර්යාල අතර ප්‍රමුඛ ස්ථානයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවට ඇමෙරිකානු මාධ්‍ය පළකොට තිබේ.

    පැමිණි අයට ලංකාවේ රස කැවිලි උණුසුම් හා සීත කළ තේ හා පිටවන විට රසකැවිලි හා තේ පාර්සල ද ලබාදුන්හ. “ග්‍රොසරි ලංකා” ඇතුළු පෞද්ගලික අංශය මගින් ලංකාවේ නිෂ්පාදිත බිස්කට් කුරුදු හා පාන වර්ග ද ලබාදුන්හ.

    තවද කොත්තු, ආප්ප හා කෙටි ආහාර ලබාගැනීමේ හා ලංකාවේ සංචාරය සදහා විස්තර ලබා ගැනීමේ පහසුකම් ද සපයා තිබිණ.

    බහු සංස්කෘතික කලා අංග බෙරවාදන සමග සළුපාලියට අදාළ යකෙකු ද සිටි අතර යකා සමග හා සරම හා ඔසරි ඇඳ ඡායාරූප ගැනීමට ද ඇමෙරිකානුවන් දැක්වූ උනන්දුව කැපී පෙණින.

    ඉන්දික අත්තනායක චතුරි කලුආරච්චි අචිලා හා නන්දනීගේ මෙහෙයවීමෙන් කලා අංග ඉදිරිපත් කෙරිණ.

    තවද කුටිල ප්‍රමුඛ සෙරන්ඩිබ් කණ්ඩායමේ සංගීතය හා ඩී.අයි.සේනාරත්නගේ සැක්සපෝන් වාදන උත්සවය මියුරු නාදයෙන් රසවත් කළේය.

    ලංකාවේ පරිසරය හා ජීවන පසුබිම නිර්මාණාත්මක ලෙස එළිදැක්වූ සූර්යා පෙරේරා ශාන්ත වීරසිංහ හිරන්ති ද සිල්වා ලක්ෂිත කරුණාරත්න හා සංජය වර්ණසූරියගේ ඡායාරූප ද ජනතා ආකර්ෂණයට ලක්වූහ.

    තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් උත්සවය සංවිධාන කල අතර සංචාරක මණ්ඩලය ඊට අනුග්‍රහය දැක්වූහ.

    SL එසෝෂියේෂන් වොෂි: DC,ලංකා කලා පදනම. අපේ කට්ටිය, SL රංග කලාකවය, බෙතෙස්ඩා අපි, Hospitels ser: cou:Greater Washington සංවිධානවල සහායද ලැබිණ.

    “මෙවැනි සුවිශේෂී වැඩිසටහන් සඳහා අමෙරිකානු ජනතාව වැඩි වශයෙන් සහභාගි වීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නංවන්න අගනා අවස්ථාවක් ලැබෙනවා. තේ ඇගළුම් කුළුබඩු ඇතුළු අපේ නිෂ්පාදනවලට ඇමෙරිකාව තුළ ඇති වෙළෙදපොළ ද ලංකාවට යන ඇමෙරිකානු සංචාරකයන් සංඛ්‍යාව ද ඉහළ යනවා. මේ සදහා කැපවූ තානාපති නිලධාරීන් හා සේවකයන්ගේ කැපවීම හා ස්වේච්ඡා සේවය ලබාදුන් සංවිධාන 06 අගයනවා” තානාපති සමරසිංහ මහතා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.