Home උණුසුම් පුවත් පාචනය, උණ වැඩිවෙලා -දන්සල්වලට අවුලක්!

පාචනය, උණ වැඩිවෙලා -දන්සල්වලට අවුලක්!

පාචනය, උණ වැඩිවෙලා -දන්සල්වලට අවුලක්!

දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පාචනය සහ උණ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බැවින් එළඹෙන වෙසක් සමයේදී ලබා දෙන දන්සල් සඳහා ජලය භාවිත කිරීමේදී සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දන්සල් සංවිධාන කරන සංවිධායකයින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් ලියාපදිංචි වියයුතු වේ.

ඉන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දන්සල ලබාදෙන ස්ථානය පූර්ණ පරීක්ෂාවකට ලක්කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here