Home උණුසුම් පුවත් පෙම්වතිය බලන්න ගිහින් අතුරුදන් වූ තරුණයාගේ මළසිරුර හමුවෙයි

පෙම්වතිය බලන්න ගිහින් අතුරුදන් වූ තරුණයාගේ මළසිරුර හමුවෙයි

පෙම්වතිය බලන්න ගිහින් අතුරුදන් වූ තරුණයාගේ මළසිරුර හමුවෙයි

කුලියාපිටියෙන් අතුරුදන්වූ තරුණයාගේ සිරුර සුළු මොහොතකට පෙර මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයේ තිබී හමුවී තිබේ.

මෙම අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකුගෙන් හෙළිවූ තොරතුරු මත මෙම සිරුර සොයාගෙන ඇත.

පසුගිය 22 වෙනිදා සිය පෙම්වතියගේ නිවසට ගිය මොහොතේ සිට අතුරුදන් වූ මෙම තරුණයා මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන ගොස් එහිදී ගෙල මිරිකා මරා දැමූ බව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරුවෙකු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණි.

මෙම අපරාධයේ ප්‍රධාන සැකකරුවෙක් වන ඊයේ (06) කුලියාපිටිය අධිකරණයට භාරවූ සිඟිති නැමැත්තාගේ මස්සිනා වන මෙම සැකකරු විසින් හෙළිකල තොරතුරුවලට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here