Home උණුසුම් පුවත් මාමාගේ කොන්ත්‍රාත්තුවට බෑණාට අයිස් දමා අත්අඩංගුවට ගන්න ගිහින්

මාමාගේ කොන්ත්‍රාත්තුවට බෑණාට අයිස් දමා අත්අඩංගුවට ගන්න ගිහින්

මාමාගේ කොන්ත්‍රාත්තුවට බෑණාට අයිස් දමා අත්අඩංගුවට ගන්න ගිහින්

අවන්හල් හිමිකරුවෙක් වන කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව දෙපානම වීරමාවතේ පිහිටි නිවසකට ගොස් නිවෙස් හිමි තරුණයාව මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට මහරගම පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

ඒ සම්බන්ධයෙන් වරාය සේවකයකුවද මේ වන විට මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබේ. එම සැකකරු ඇපමත මුදාහැර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව මහරගම පොලීසිය කියයි.

පොලිස් කොස්තාපල්වරුන් වන එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඊයේ වන විට පියවර ගෙන තිබුණි.

සිය දියණිය විවහා වී සිටින තරුණයා සමඟ ව්‍යාපාරික මාමා අමනාපයකින් පෙළීම හේතුවෙන් තරුණයාට මත්ද්‍රව්‍ය දමා අත්අඩංගුවට ගැනීමට සැළසුම්කර ඇති බවත් එම සැළසුමේ කොටස්කරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරු දෙදෙනා සම්බන්ධව සිට ඇති බවත් විමර්ශනයේදී හෙළිවී තිබෙන බව මහරගම පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here