Home COVID කළුතර නිවාස සංකීර්ණයක 170 න් 105 දෙනෙකුටම කොරෝනා

කළුතර නිවාස සංකීර්ණයක 170 න් 105 දෙනෙකුටම කොරෝනා

කළුතර නිවාස සංකීර්ණයක 170 න් 105 දෙනෙකුටම කොරෝනා

කළුතර උතුර නිවාස සංකීර්ණයක පදිංචිකරුවන් 170 දෙනෙක්ට කළ පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් 105 දෙනෛකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබේ.

පී.සී.ආර්. 120 ක් සහ ඇන්ටිජන් 50 ක් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් වෙනුවෙන් අහඹු ලෙස සිදුකර ඇති බව සදහන්ය. පසුගිය 22,23 සහ 25 යන දිනවල කරුණු එම පරීක්ෂණවලින් තහවුරුවූ කොවිඩ් වෛරස ආසාදිතයින් කළුතර පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ඊයේ (28) සවස් වන විට යොමු කර තිබේ. එම වෛරස ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් නිවෙස්වලම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.
මෙම නිවාස සංකීර්ණයේ කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් තරුණයින් සහ කුඩා දරුවන් බව කළුතර උතුර මහජන සෞඛ්‍ය අංශ සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here