Home උණුසුම් පුවත් ඩුබායි කපිලගේ මත්කුඩු ජාලය හෙළිවෙයි

ඩුබායි කපිලගේ මත්කුඩු ජාලය හෙළිවෙයි

ඩුබායි කපිලගේ මත්කුඩු ජාලය හෙළිවෙයි

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන රුක්මලේ කපිල නැමැති මත්කුඩු ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයෙක් රුපියල් කෝටි 30කට අධික වටිනාකමක් ඇති මත්කුඩු කිලෝ 20ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

එම ගෝලයාගේ තොරතුරු මත කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මත්කුඩු සුළු ප්‍රමාණයෙන් බෙදාහරින්නියකි.

හෙරොයින් කිලෝ 13ක්, හෑෂ් කිලෝ 06ක් කොකේන් ග්‍රෑම් 539ක් හා රුපියල් මිලියන 1.5ක මුදල් මෙම ජවාරම්කරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සොයාගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල ඇති කුළි නිවසක සඟවා තිබියදීය.

රුක්මල්ගමදී හෙරොයින් කිලෝවක් සමඟ අත්අඩංගුවටගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවූ තොරුතරු මත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල නිවසින් සෙසු මත්ද්‍රව්‍ය තොගය හමුවී තිබේ.

පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩසටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ හි ස්ථානාධිපති ප්‍ර.පො.ප. නදීක සිල්වා මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීමකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here