Home දේශීය පුවත් උණුසුම් පුවත් ලොකුම මැයි රැලිය කාගෙද?

ලොකුම මැයි රැලිය කාගෙද?

ලොකුම මැයි රැලිය කාගෙද?

කම්කරු දිනය නිමිති කොට ගෙන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ කොළඹදී පැවැත්වූ මැයි රැළිවලට එකිනෙකට නොදෙවෙනි ජනකායක් සහභාගි වී සිටි බව වාර්තා වේ.

ඒ අතරින් තනි පුද්ගලයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කොට විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට සහභාගි වීම විශේෂත්වයකි.

එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා කම්කරු කොග්‍රසය පැවැත් වූ මැයි දින රැළිවලට එක්වූ ජනතාව අනෙකුත් රැළිවලට එක්වූ ජනතාවට වඩා වැඩි බව දේශපාලන විචාරකයෝ සදහන් කරති.

ජනතා විමුක්ති පෙරමුණ කොළඹදී පැවැත් වූ මැයි දින රැළියට විශාල පිරිසක් සහභාගි වුවත් යාපනය හා අනුරාධපුර පැවැත්වූ මැයි රැළිවලට සෙනග නැති බවද වාර්තා විය. එහෙත් මාතර රැළියට සැලකිය යුතු පිරිසක් සහභාගි වී සිට ඇත.

කදුකරයේ පැවැත් වූ රැළි අතරින් ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි රැළිය වැඩිම පිරිසක් සහභාගි වූ මැයි රැලිය වේ.

එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට දුම්රිය කිහිපයක් වෙන්කරගෙන ජනතාව කොළඹ පැමිණිම ද දැකගත හැකිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here