Home උණුසුම් පුවත් ගාලුමුවදොර පිටියේදී බීමත් පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්

ගාලුමුවදොර පිටියේදී බීමත් පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්

ගාලුමුවදොර පිටියේදී බීමත් පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්

බීමතින් කළහාකාරී ලෙස හැසිරෙමින් සිටි පොලිස් නිලධාරියෙකුට ඊයේ සවස ගාලුමුවදොර මාර්ගයේදී පිරිසක් විසින් වටකර පහරදී ඇත.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ වැලිමඩ පොලිස් ස්ථානයේ සිට විශේෂ රාජකාරි සඳහා කොළඹට කැදවා සිටින පොලිස් කොස්තාපල්වරයෙකි.

පහරකෑමට ලක්ව පුද්ගලයින් පිරිසක් විසින් වටකරගෙන සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දැක ජිප් රථයේ නන්වාගෙන කොටුව පොලිස් ස්ථානයට රැගෙනවිත් භාරදී තිබේ.

මෙම පොලිස් කොස්තාපල්වරයා කණ්ෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයෙන් මත්පැන් පානයකර ගාලුමුවදොරපිටියට ගොස් සිටියදී පිරිසකගෙන් පහරකෑමට ලක්ව ඇති බව පොලීසිය කියයි.

පහරකෑමට ලක්වූ නිලධාරියා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර ගැනීමට ඇතුලත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here