Home උණුසුම් පුවත් කෝටි 03ක කුඩු එක්ක තුනක් කොටු

කෝටි 03ක කුඩු එක්ක තුනක් කොටු

කෝටි 03ක කුඩු එක්ක තුනක් කොටු

රුපියල් කෝටි 03කට අධික වටිනාකමක් ඇති අයිස් සහ හෙරොයින් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් ග්‍රෑම් 75ක් සමඟ දුම්මලදෙනියේදී පසුගිය 28 වෙනිදා අත්අඩංගුවටගත් 37 හැවිරිදි සැකකරුවකු රදවාගෙන කළ දීර්ඝ විමර්ශනයකදී හෙළිවූ තොරතුරු මත මාරවිල මරදවැල්ලේ පදිංචිකරුවෙක් වන දෙවැනි සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

46 හැවිරිදි එම සැකකරු සතුව තිබී අයිස් කිලෝ 01යි ග්‍රෑම් 340ක්ද හෙරොයින් ග්‍රෑම් 450ක්ද සොයාගෙන ඇත.

තුන්වැනි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්කුඩු ජාවාරමට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙනි. ඔහු මාරවිල පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here