තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදෙස් තරුණියන්ට අතවර කළ හියාරේ තරුණයා අත්අඩංගුවට

    විදෙස් තරුණියන්ට අතවර කළ හියාරේ තරුණයා අත්අඩංගුවට

    අක්මීමන කඳුරුගස්හේනේ පිහිටි තුන්දොලේ දිය නාමින් සිටි බෙල්ජියම් ජාතික තරුණියන් දෙදෙනෙකු ලිංගික අතවර කළ 26 හැවිරිදි තරුණයෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 25ක් සහ අවුරුදු 24ක් වන බෙල්ජියම් තරුණියන් දෙදෙනෙකුට මෙම අතවරය සිදුව තිබේ.

    මෙම තරුණියන් දෙදෙනා දිය නාමින් සිටියදී තරුණයා ඔවුන් අසලට පැමිණ ඇග පත අතගාමීන් අතවර කර ඇතැයි පැවසේ.

    මේ සම්බන්ධයෙන් එම තරුණියන් පොලීසියට කළ දැනුම්දීමට අනුව පොලිස් නිලධාරීන් සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කසුරුගස්හේන හියාරේ පදිංචිකරුවෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img