තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් පෙම්වතියගෙන් සල්ලිත් අරන් පහර දුන් පොලිස් පෙම්වතාගේ වැඩතහනම්

    පොලිස් පෙම්වතියගෙන් සල්ලිත් අරන් පහර දුන් පොලිස් පෙම්වතාගේ වැඩතහනම්

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සේවයේ නිරතව සිටින නිලධාරිනියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇයගේ රුපියල් ලක්ෂ 13කට අධික මුදලක් ලබාගෙන ඇයට පහරදී හිරිහැර කිරීම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසිය පසුගිය 25දා අත්අඩංගුවට ගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ පෙරේදා (27) සිට වැඩ තහනම් කර තිබේ.

    අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් මෙම වැඩ තහනම් කිරීම කර ඇත.

    මෙම නිලධාරීන් දෙදෙනා කාලයක් තිසේසේ ඉතා ළගින් ඇසුරු කරමින් සිට ඇති බව පොලිසිය පවසයි. දෙදෙනාම කොස්තාපල්වරුන් වන අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත පොලිස් නිලධාරියා විසින් අංගොඩ ප්‍රදේශයේ සැලුන් එකක් ආරම්භ කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

    එම කටයුතු සඳහා පොලිස් නිලධාරියා විසින් පොලිස් නිලධාරිනියගෙන් රුපියල් ලක්ෂ 13කට අධික මුදලක් විටින් විට ලබාගෙන ඇතැයි පොලිසිය පවසයි.
    මෙම නිලධාරිනිය සිය පොලිස් පෙම්වතාගේ සැලුන් එකට ගිය අවස්ථාවේදී දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් නිලධාරියා විසින් නිලධාරිනියට පහරදී ඇති අතර ඇය මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කර ඇත්තේ තම පෙම්වතා තමාගේ මුදල් වංචා කර තමාට පහරදුන් බවය. ඒ අනුව මුල්ලේරියාව පොලිසිය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img