තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඔන්ලයින් බැංකු ගනුදෙනු අවදානමක! මහාපරිමාණ වංචාවක් ගැන හෙළිදරව්වක් (📹)

    ඔන්ලයින් බැංකු ගනුදෙනු අවදානමක! මහාපරිමාණ වංචාවක් ගැන හෙළිදරව්වක් (📹)

    අන්තර්ජාල ගනුදෙනු සඳහා භාවිත කරන ඉතුරුම් සහ ජංගම ගිණුම්වලින් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් වංචනික ලෙස මුදල් මාරු කිරීමේ මූල්‍ය වංචාවක් මේ වනවිට සිදුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි.

    ඒ පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කරමින් හෙතෙම පැවසුවේ ඔන්ලයින් ගනුදෙනු පිළිබඳ පුහුණු කරන ආයතනයක සිසුන් විසින් මෙම වංචාව මෙහෙයවන බව ය.

    බැංකු ගිණුම් ඔස්සේ ඔන්ලයින් ගනුදෙනු කරන පුද්ගලයින් මෙමගින් අවදානමට ලක්විය හැකි බව හෙතෙම අනතුරු ඇඟවීය.

    ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවට (CBSL) සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට වහාම වාර්තා කළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

    බලංගොඩ ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේ නමක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මේ බව හෙළිවී ඇති අතර, සතියක පමණ කාලයක් තිස්සේ මේ පිළිබඳ පැමිණිලි විශාල ලෙස ලැබෙමින් පවතින බවත් ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙසේය.

    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    spot_img
    spot_img