තවත්
    මුල් පිටුවදේශීය පුවත්කුරුණෑගල ලක්දාස් විදුහල්පති එල්ලී මැරේ

    කුරුණෑගල ලක්දාස් විදුහල්පති එල්ලී මැරේ

    කරුණෑගල ලක්දාස් ද මෙල් විද්‍යාලයේ නව විදුහල්පතිවරයාගේ සිරුර කුරුණෑගල මැදලන්දේ පිහිටි සිය නිවසේ කාමරය එල්ලෙමින් තිබියදී අද (25) උදෑසන හමුවී තිබේ.

    පවුල් ආරවුලක් මුල්කරගෙන මෙම අපරාධය විදුහල්පතිවරයා විසින්ම කරගෙන ඇතැයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කුරුණෑගල පොලීසිය කියයි.

    දෙදරුපියෙක් වන 55 හැවිරිදි වියේ පසුවූ ආනන්ද දසනායක විදුහල්පතිවරයා ලක්දාස් ද මෙල් විද්‍යාලයේ විදුහල්පති ලෙස වැඩභාරගෙන ඇත්තේ පසුගිය 22 වෙනිදාය. ඔහු වැඩ භාරගත්තද සේවයට වාර්තා කිරීමට නියමිතව තිබී ඇත්තේ 29 වෙනිදාය.

    ආනන්ද දසනායක මහතාගේ වැඩිමහල් පුතා විදේශගතව සිටින අතර බාල පුතා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බව පොලීසිය කියයි.

    ලක්දාස් ද මෙල් විද්‍යාලයේ විදුහල්පතිධූරය ලැබීමට පෙර ඔහු සේවයේ නිරතව සිට ඇත්තේ මාස්පොත නාලන්දෝදය විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙසිනි.

    ලක්දාස් ද මෙල් විද්‍යාලයේ විදුහල්පතිධූරය මාස 05 පමණ කාලයක් පුරප්පාඩුව තිබී ඊට ආනන්ද දසනායක මහතා තේරීපත්වන්නේ කුරුණෑගල පළාත් අධ්‍යාපන කාර්යාලයේ පැවැති සම්මුඛ පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබා ගනිමිනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img