තවත්
    මුල් පිටුවදේශීය පුවත්මධුෂ් එක්ක ඇසුරු කරපු එස්.ටී.එෆ්. සෙබලෙකුට වූ දේ

    මධුෂ් එක්ක ඇසුරු කරපු එස්.ටී.එෆ්. සෙබලෙකුට වූ දේ

    ඩුබායි හී රැදී සිටින බව කියන සේදවත්තේ මධුෂ් නැමැති මත්කුඩු ජාවාරම්කරු ඇතුළු මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ මෙහෙයුම් අංශයේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    විශේෂ කාර්ය බලකායේ කුරුණෑගල කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (24) කළ වැටලීමකදී මොරතිහ, වරකාවැහැර පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4300ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 2190ක් සමගිනි. අවුරුදු 50ක් වයසැති අස්සර් නැමැති එම මත්කුඩු ජාවාරම්කරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ නිලධාරියෙක් සමඟ මෙම සැකකරු සම්බන්ධකම් පවත්වා ඇති බවය. අවස්ථා 40කදී ඔහු හා මෙම නිලධාරියා දුරකථනයෙන් සම්බන්ධ වී ඇති බවද අනාවරණය වී තිබේ.

    ඒ අනුව මෙම නිලධාරියාව මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත. අනතුරුව එම නිලධාරියාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී විශේෂ කාර්යා බලකා නිලධාරියා සේදවත්තේ මධුෂ් නැමැති මත්කුඩු ජාවාරම්කරු සමඟ වාර 800ක් දුරකථන ඇමතුම් ලබාගෙන ඇතැයි හෙළිවී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img