තවත්
    මුල් පිටුවදේශීය පුවත්පුතයි ලේලියි එකතු වෙලා තාත්තට ගහල මරල

    පුතයි ලේලියි එකතු වෙලා තාත්තට ගහල මරල

    පවුල් ආරවුලක් මුල්කරගෙන පියෙකුට පුතෙක් සහ ලේලිය එක්ව පහරදී ඝාතනයකර ඇතැයි මාලිගාවත්ත පොලීසිය කියයි.

    මාලිගාවත්ත ප්‍රදීපා මාවතේ පදිංචිකරුවෙක් වන සී.බී.හෙන්රිකස් නැමැති 67 හැවිරිදි වියේ පසුවන්නෙක් මෙසේ ඝාතනය වී තිබේ.

    ලේලියත් පුතාත් එක්ව මෙම පුද්ගලයාට පහරදී ඇත්තේ පසුගිය 19 වෙනිදාය. තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත්තේ ඊයේ (24) රාත්‍රී කාලයේදීය.

    මෙම පහරදීම සම්බන්ධයෙන් සැකපිට එම පුද්ගලයාගේ පුතා සහ ලේලිය අත්අඩංගුවට ගෙන ඇත.. පොලීසිය පවසන්නේ ඔවුන් අවුරුදු 44ක් වයසැති අය බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img